අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කොස් ඇට ග්‍රෑම් 200
- උඳු පිටි ග්‍රෑම් 300
- පොල් කිරි ලීටර් 1
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් සුදු ලූනු ග්‍රෑම් 50
- කපාගත් කරපිංචා ඉති 1
- කහ කුඩු ස්වල්පයක්
- අබ ඇට තේ හැඳි 1/2
- අවශ්‍ය පමණට වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩරයට කිරි ස්වල්පයක් සහ කොස් ඇට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය භාජනයකට දමා එයට උඳු පිටි, වතුර සහ ඉතිරි කිරි දමා තෝසේ මිශ්‍රණය සාදා පැය 6 ක් පමණ පිපෙන්න හරින්න. පසුව තෙල් රත්වූ භාජනයකට ඉතිරි සියල්ලම දමා තෙම්පරාදුව සාදා එයද තෝසේ මිශ්‍රණයට දමාගන්න. හොඳින් කලවම් කර තෝසේ සාදාගන්න.