අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බඩඉරිඟු කෝප්ප 1
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 5
- රම්පේ කරපිංචා
- කහ කුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1
- අමු තුනපහ තේ හැඳි 1
- සුදූරු තේ හැඳි 1/2
- අබ තේ හැඳි 1/2
- පොල්තෙල් මේස හැඳි 2
- මිටිකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මැටි ඇතිලියක් ළිප තබා රත් වූ පසු එයට පොල්තෙල් එකතුකර අබ, සූදුරු, ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව තම්බාගත් බඩඉරිඟු, කහකුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු සහ ලුණු එකතුකර විනාඩි පහක් පමණ හොඳින් කලවමි කරගන්න. මිටි කිරි එකතුකර විනාඩි 10 ක් පමණ මද ගින්නෙ පිසගන්න.