අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පොළොස් ග්‍රෑම් 500
- කඩල පිටි ග්‍රෑම් 100
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1
- මිරිස් කුඩු මේස හැඳි 1
- තුනපහ කුඩු මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- චොප් කරගත් කරපිංචා ස්වල්පයක්
- පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තම්බාගත් පොළොස් පේස්ට් එකක් වනතුරු හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. වෙනත් භාජනයක් ගෙන එයට ග්‍රයින්ඩ් කරගත් පොළොස් සහ ඉතිරි සියල්ලම එකතුකර නැවත ග්‍රයින්ඩ් කරගන්න. මෙම මිශ්‍රණය ශීතකරණයේ පැයක් පමණ තබා සොසේජස් හැඩයට රෝල් කර ලන්ච් ශීට් එකක තබා රෝල් කර ස්ටීම් කරගන්න.