අවශ්‍ය ද්‍රව්‍ය
- අර්තාපල් ග්‍රෑම් 250
- ලුනු ගෙඩි 1
- සුදු ලූනු බික් 3
- උම්බලකඩ ග්‍රෑම් 20
- රස අනුව ලුණු
- මිරිස් කුඩු ස්වල්පයක්
- කෑලි මිරිස් ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අල සුද්ද කර කුඩා කැබලිවලට කපා ගැඹුරු තෙලේ හොඳින් බැද ගන්න. පසුව තෙල් රත්වූ පෑන් එකකට සුදුලූනු සහ ලුනු එකතුකර රන්වන් පාට වන තුරු බැදගෙන උම්බලකඩ දමාගන්න. බැදගත් අල, මිරිස්, ලුණු සහ කෑලි මිරිස් එක්කර මද ගින්නෙ කලවම් කරගන්න.