අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි කෝප්ප 1
- රුලං කෝප්ප 1
- පාන් පිටි කෝප්ප 1/2
- ලුණු තේ හැඳි 1
- මුදවපු කිරි මේස හැඳි 2
- වතුර කෝප්ප 5
- සූදුරු තේ හැඳි 1/2
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 2
- සිහින්ව කපාගත් කරපිංචා ඉති 2
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3 – 4
සාදාගන්නා ආකාරය
බෝල් එකකට හාල් පිටි, රුලං, පාන් පිටි, ලුණු සහ මුදවපු කිරි දමා වතුර ටික ටික එකතුකර කැටිති නැති මිශ්‍රණයක් සාදාගන්න. එයටම සූදුරු, ලූනු, කරපිංචා සහ අමුමිරිස් එකතුකර කලවම් කරගන්න. තෝසෙ තැටිය රත් කර මිශ්‍රණයෙන් හැන්දක් දමා වටේට කරකවා ගන්න. තැම්බීගෙන එනවිට තෙල් ටිකක් වටේට වත්කර රන්වන් පාටට ක්‍රිස්පි විදිහට තෝසෙ සාදාගන්න.