අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කර ඇට ඉවත් කර පොඩියට කපාගත් රට ඉදි ග්‍රෑම් 150
- සෝඩා තේ හැඳි 1/2
- උතුරවාගත් එළකිරි මිලි ලීටර් 200
- බටර් ග්‍රෑම් 60
- බිත්තර 1
- බේකින් පවුඩර් තේ හැඳි 1/4
- දුඹුරු සීනි ග්‍රෑම් 70
- පාන් පිටි ග්‍රෑම් 75
- වැනිලා තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
බෝල් එකකට රටඉඳි, සෝඩා, කිරි දමා හොඳින් විනාඩි 25-30 ක් පමණ කලවම් කර පසෙකින් තබන්න. තවත් බෝල් එකකට බටර් දමා මද වෙලාවක් බීටර් කර එයට සීනි, බිත්තර, වැනිලා, හලාගත් පිටි, බේකින් පවුඩර් සහ සෝඩා එකතුකරන්න. පසුව එයට රටඉඳි මිශ්‍රණය ටිකෙන් ටිකෙන් එකතු කරන ගමන් හොඳින් බීටර් කරගන්න. සෙරමික් බෝල් එකකට බටර් තවරා සාදාගත් මිශ්‍රණය දමා උඩින් ෆොයිල් කොළයකින් වසා ස්ටීම් කරගන්න.