අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් පාන් ග්‍රෑම් 225
- වැනිලා තේ හැඳි 1
- බිත්තර 2
- එළකිරි කෝප්ප 1 1/2
- කුරුඳු කුඩු තේ හැඳි 1
- සීනි ග්‍රෑම් 62
- චොකලට් 3/4
- ලුණු ස්වල්පයක්
- කොකෝ පවුඩර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
බෝල් එකකට සීනි, වැනිලා, මිල්ක්, බිත්තර, කොකෝ පවුඩර්, කුරුඳු කුඩු, ලුණු දමා හොඳට අයිසින් කර හොඳට කවලම් කර චොකලට් චිප්ස් ටික දමා හොඳින් කවලම් කරගෙන පසෙකින් තබන්න. වෙනත් බෝල් එකක්ගෙන එයට පාන් දමා ඊට උඩින් සාදාගත් මිශ්‍රණය විනාඩි 15ක් පමණ තියන්න. ඉන්පසු ට්‍රේ එකක්ගෙන එයට බටර් දමා විනාඩි 30-40 ක් පමණ සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයට බේක් කරගන්න.