අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පමණට උම්බලකඩ
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදුලූනු ගෙඩි 1
- කරපිංචා ඉති 1
- පෙති කපාගත් තක්කාලි ගෙඩි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- කපාගත් අමු මිරිස් කරල් 2
- රස අනුව ලුණු
- දෙහි යුෂ තේ හැඳි 2
- අවශ්‍ය පමණට එළවළු තෙල්
සාදගන්න ආකාරය
තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදුලූනු, කරපිංචා එක්කර මද ගින්නේ බැදගන්න.එයට අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි සහ උම්බලකඩ එක්කර විනාඩි 5 ක් පමණ පිසගෙන ළිපෙන් ඉවත් කර ලුණු සහ දෙහි යුෂ එක්කරගන්න.