අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් කිලෝග්‍රෑම් 1
- අබ මේස හැඳි 1
- සූදුරු මේස හැඳි 1
- සියඹලා ස්වල්පයක්
- විනාකිරි කෝප්ප 1/4
- සිහින්ව කපාගත් ඉඟුරු කැබැල්ලක්
- සිහින්ව කපාගත් සුදුලූනු බික් 4
- අමු මිරිස් කරල් 4
- කහ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- අවශ්‍ය පමණට තෙල්
සාදාගන්නා ආකාරය
ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුණු හා ගම්මිරිස් දමා සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. සියඹලාවලට විනාකිරි දමා දිය කරගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සහ සුදුලූනු දමා තෙම්පරාදු කර එයට සූදුරු, සියඹලා යුෂ මිශ්‍රණය සහ අමුමිරිස් දමා කලවම් කරගන්න. අවසානයට බැදගත් ඉස්සන් දමා හොඳින් කලවම් කරගන්න.