අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ටූනා ග්‍රෑම් 600
- ලුණු කුඩු තේ හැඳි 2
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ 1
- තම්බා ග්‍රයින්ඩ් කරගත් ගොරකා කැබලි 4-5
- වතුර ස්වල්පයක්
- වියලි මිරිස් කරල් 8 – 10
- සූදුරු මේස හැඳි 1
- කොත්තමල්ලි ඇට මේස හැඳි 2
- ගම්මිරිස් ඇට මේස හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
පෑන් එකකට වියලි මිරිස් දමා තරමක් කළු පැහැ වනතුරු බැද එයට සූදුරු, කොත්තමල්ලි ඇට, ගම්මිරිස් ඇට එකතුකර හොඳින් බැද ගන්න.නිවුන පසු එය හොඳින් ග්‍රයින්ඩ් කර රත් වූ පෑන් එකකට දමා ගන්න. එයට ගොරකා, ලුණු කුඩු, කරපිංචා, රම්පෙ, වතුර සහ මාළු එකතුකර හොඳින් කලවම් කරගන්න. මද ගින්දරේ පියන වසා හොඳින් තැම්බී වතුර හිදෙන තෙක් සොලවමින් පිස ගන්න.