අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් Sushi බත් ස්වල්පයක්
- සීවිඩ් (seaweed) ශීට් කිහිපයක්
- ජැපනීස් මායෝ ස්වල්පයක්
- කකුළු මස් ස්වල්පයක්
- සිහින්ව කපාගත් පිපඤ්ඤා ස්වල්පයක්
- සිහින්ව කපාගත් අලිගැටපේර ස්වල්පයක්
- කැමති මාළු වර්ගයක්
සාදාගන්නා ආකාරය
සීවිඩ් ශීට් එක දෙකට කපා ගන්න.Sushi මැට් එකක් උඩ සීවිඩ් ශීට් එකක් තබා පිසගත් බත් මේස හැඳි 2 ක් අතුරා හොඳින් තද කර ශීට් එකට අලවා ගන්න.දැන් සීවිඩ් ශීට් එක අනිත් පැත්ත හරවා පෙර ලෙසම බත් මේස හැඳි 2 ක් අතුරා තද කර ගන්න.
ජැපනීස් මායෝ ස්වල්පය පැත්තකට එකතු කර පිපිඤ්ඤා, අලිපේර, කුකුළු මස් මැදින් තියා තදින් රෝල් කරන්න. මිලිමීටර් 3 ක් පමණ ඝණකමට පිපිඤ්ඤා, අඹ, සැමන් මාළු පෙති කපා Sushi රෝල් එක උඩ පිළිවෙලට තබාගන්න. පොලිතින් කොළයක් තබා Sushi මැට් එකේ ආධාරයෙන් තද කර සමාන ප්‍රමාණයේ කැබලිවලට කපා ගන්න.