අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 100
- සීනි මේස හැඳි 1.5
- බේකින් පවුඩර් තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/4
- නැවුම් කිරි මිලි ලීටර් 150
- දිය කර ගත් බටර් මේස හැඳි 2
- වැනිලා තේ හැඳි 1/4
- ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැඳි 1/8
- වෙන් කරගත් බිත්තර සුදු මද 2 සහ
- බිත්තර කහ මද 2
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට පාන් පිටි, සීනි, බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කර ගන්න.වෙනම බෝල් එකකට කිරි, ලුණු, බටර්, වැනිලා, බිත්තර කහ මද එකතු කර කලවම් කරන්න. බිත්තර සුදු මදවලට ක්‍රීම් ඔෆ් ටාටර් එකතු කර ස්ටිෆ් පීක් එනතුරු බීට් කර පාන් පිටි මිශ්‍රණයට කිරි මිශ්‍රණය එකතු කර කලවම් කරන්න.
බිත්තර සුදු මද ටික ටික එකතු කර ෆෝල්ඩ් කර ගන්න.නොන්ස්ටික් පෑන් එකක තෙල් යාන්තමින් තවරා මිශ්‍රණයෙන් ලොකු හැඳි 2 ක් බැගින් එකතු කර පියන වසා මද ගින්දරේ රන්වන් පාට වෙන තුරු පිස එයට මේපල් සිරප් එකතු කර පිළිගන්වන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)