අවශ්‍ය ද්‍රව්‍ය
- Sushi සුදු හාල් කෝප්ප 1
- ලුණු තේ හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 2
- ජැපනීස් කුකින් වයින් (Mirin) මේස හැඳි 2
- බටර් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
Sushi හාල් පැකට්ටුවේ උපදෙස් අනුව පිසගන්න. තරමක් තැම්බෙන විට ලුණු, සෝයා සෝස්, Mirin එකතු කර හොඳින් පිසගන්න. ළිප ඕෆ් කළ පසු එයට බටර් එකතු කර හොඳින් විස්ක් කර මදක් නිවුණ පසු ඔනිගිරි මෝල්ඩ්වලට ටික ටික දා තද කර හැඩය හදා ගන්න. දැන් පෑන් එකක් ළිපේ තබා එහි බටර් තවරාගන්න.ඔනිගිරිවල එක පැත්තක හොඳින් බටර් තවරා ක්‍රිස්පි වෙනතුරු පිස ගන්න.දැන් අනිත් පැත්තේ බටර් තවරා පෙර පරිදිම පිස පිගානකට මාරු කර බටර් යළි තවරා ලුණු කොළ එකතු කර සරසා ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)