අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් ග්‍රෑම් 200
- රවුමට කපාගත් ලූනු ගෙඩි 1
- රවුමට කපාගත් මාළු මිරිස් කරල් 1
- තෙල් ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු සුදු ලූූනු තේ හැඳි 1
- රම්පෙ
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- කෑලි මිරිස් ස්වල්පයක්
- තක්කාලි සෝස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පිරිසිදු කරගත් ඉස්සන් භාජනයකට දමා වතුර සහ ලුණු දමා ළිප තබා පාට වෙනස් වනවිට ළිපෙන් ඉවත් කර පෙරා වතුර ටික පසෙකින් තබාගන්න. එම භාජනයටම තෙල් ස්වල්පයක් දමා හොඳින් රත්වූ පසු ඉස්සන් දමා යාන්තමට බැදගන්න.
තවත් භාජනයක් ගෙන එයට තෙල් එකතුකර රත්වූ පසු ඉඟුරු, සුදු ලූනු, රම්පේ සහ කුරුඳු දමා බැදගන්න. පසුව කෑලි මිරිස්, තක්කාලි සෝස් සහ ඉස්සන් තම්බාගත් වතුර දමා සෝස් එක සාදාගන්න. සාදාගත් සොස් එකට බැදගත් ඉස්සන්, ලුණු, ලූනු සහ මාළු මිරිස් එකතුකර ළිපෙන් ඉවත්කර ගන්න.