අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු ග්‍රෑම් 500
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 3
- කපාගත් මාළු මිරිස් කරල් 4
- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 2
- කපාගත් අන්නාසි කැබලි ස්වල්පයක්
- අඹ චට්නි මේස හැඳි 3
- තක්කාලි සෝස් මේස හැඳි 2
- මිරිස්කුඩු මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
වම්බටු සිහින්ව පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න. බෝල් එකක් ගෙන එයට අඹ චට්නි, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දමා හොඳින් කලවම් කරගන්න. දැන් එයට කපාගත් ලූනු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දමා අවසානයේ බැදගත් වම්බටු එකතු කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/duminda-siriwardana.png)