අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 4
- කොටුවට කපාගත් ලූනු ගෙඩි 2
- කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2
- සිහින්ව කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
තම්බාගත් බිත්තර කොටු හැඩයට කපාගන්න. බෝල් එකක් ගෙන එයට ලූනු, තක්කාලි, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් කලවම් කරගන්න. මෙයට කපාගත් බිත්තර හා ලූනු කොළ දමා කලවම් කරගන්න.