අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල්මස් ග්‍රෑම් 250
- කපාගත් චෙඩාර් චීස් ස්වල්පයක්
- පාන් පෙති 2
- අයිස්කැට
- ගම්මිරිස් කුඩු 1/4
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 1/2
- කරපිංචා ස්වල්පයක්
- පාන් කුඩු
- බිත්තර
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
කුකුල්මස් කුඩා කැබලිවලට කපා පාන්වල වාටි කපා කුඩා කැබලිවලට කපාගන්න. ග්‍රයින්ඩර් එකකට කපාගත් මස්, පාන්, ඉඟුරු, සුදු ලූනු පේස්ට්, කරපිංචා, ගම්මිරිස්කුඩු, අයිස්කැට සහ ලුණු එකතුකර හොඳින් අඹරාගන්න. මෙම මිශ්‍රණය කුඩා බෝල සාදා එම බෝලවල කුඩා කුහරයක් සාදා එයට කොටු කපාගත් චීස් එකතුකර නැවත බෝලයක් ලෙස සකසා බිත්තර සාරුවල සහා බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.