අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් අල ගෙඩි 2
- කපාගත් කටු රහිත කුකුල් මස් කැබලි 2
- නැවුම් එළකිරි කෝප්ප 1
- චීස් වෙජස් 3
- චොප් කරගත් සුදු ලූනු බික් 2
- චොප් කරගත් රතු ලූනු ගෙඩි 2
- කහ කුඩු ස්වල්පයක්
- බටර් මේස හැඳි 1
- වතුර කෝප්ප 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
පතුල ඝනකම භාජනයක් ළිප තබා රත්වනවිට බටර් එකතුකරගන්න. එයට අල, කුකුල්මස්, ලූනු, සුදු ලූනු ගම්මිරිස්කුඩු සහ කහ කුඩු එකතුකර මද ගින්නේ හොඳින් තෙම්පරාදු කරගන්න.
දැන් වතුර සහ ලුණු දමා පියනකින් වසා වතුර අඩක් හිඳෙන තෙක් තම්බාගන්න. නැවුම් එළකිරි සහ චීස් එකතුකර චීස් දියවෙන තුරු හැදිගාමින් සුප් එක උතුරවාගන්න. ළිපෙන් ඉවත් කර උණුවෙන්ම සුප් එක බ්ලෙන්ඩ් කරගන්න.