අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා කප් 1
- ෆ්රෙශ්මිල්ක් කප් 1
- චීස් වෙජස් කෑලි 2
- බටර් මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු පින්ච් 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ළිප තබා එයට බටර් එකතුකරගන්න. බටර් ටික රත්වීගෙන එනවිට එයට කිරි, චීස්, ගම්මිරිස් කුඩු එකතුකර මද ගින්දරේ හැඳිගාන්න. එම මිශ්‍රණය උකු වීගෙන එනවිට තම්බාගත් පැස්ටා සහ රස අනුව ලුණු එකතුකර කුඩා ළමුන්ට පිළිගන්වන්න.