අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- බිත්තර 4
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරගන්න. සුදු මද කේක් මිශ්‍රණය සාදන භාජනයට දමා බීට් කර පෙන එන විට සීනි ස්වල්පය බැගින් වරින් වර එකතුකර උපරිම වේගයෙන් බීට් කරගන්න.
දැන් එන මිශ්‍රණයට කහ මද එක බැගින් එකතුකරන අතරතුර හොඳින් බීට් කර වැනිලා දමා නැවත බීට් කරගන්න. බේකින් පවුඩර් සහ පිටිද මෙම මිශ්‍රණයට එකතුකර බීට් කරගන්න. කේක් මිශ්‍රණය අඟල් 8 ක කේක් තැටියකට දමා පුළුස්සා ගන්න.