අවශ්‍ය ද්‍රව්‍ය
- පාට 3 න් පෙති කපාගත් බෙල්පෙපර්
- වෙනම චොප්කරගත් කහ බෙල්පෙපර් ගෙඩි 1
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් කැරට් අල 1
- චොප්කරගත් රතු මිරිස් කරල් 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් කරපිංචා ටිකක්
- බිත්තර 3
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- පාන්පිටි මේස හැඳි 1
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ලූනුවලට චොප්කරගත් සියල්ලම දමා බිත්තර එකතු කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු, පාන්පිටිද එකතුකර හොඳින් කලවම් කරගන්න. පෑන් එකට තෙල් ස්වල්පයක් එකතුකර රත් වූ පසු කපාගත් බෙල්පෙපර් පෙති ටික පෑන් එක මත අතුරගන්න. සාදාගත් බිත්තර මිශ්‍රණය ටිකෙන් ටික එකතුකර බෙල්පෙපර් පෙති ඇතුළ පුරවා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.