අවශ්‍ය ද්‍රව්‍ය
- මෂ්රූම් පැකට් 1
- කෝන්ෆ්ලා කෝප්ප 1/4
- හාල්පිටි කෝප්ප 1/4
- පාන්පිටි කෝප්ප 1/4
- රස අනුව ලුණු
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/2
- ගරම් මසාලා ස්වල්පයක්
- බිස්කට් කුඩු ස්වල්පයක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
පළමුව මෂ්රූම් ටික හොඳින් සෝදා වතුර මිරිකා දිග තීරු වලට ඉරා ගන්න. බෝල් එකක් ගෙන එයට කෝන්ෆ්ලා, පාන්පිටි, හාල්පිටි, කහකුඩු, ගම්මිරිස්කුඩු, ගරම් මසාලා සහ ලුණු දාමා කලවම් කරගන්න. වතුර ටික ටික එකතු කරමින් ඝන බැටර් එකක් සාදාගන්න. තීරුවලට ඉරාගත් මෂ්රූම් මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.