අවශ්‍ය ද්‍රව්‍ය
- Sprouts ස්වල්පයක්
- සිහින්ව ලියාගත් ලූනු ගෙඩි 1/2
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 2-3
- සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
- පොඩියට කපාගත් ඉස්සන් ස්වල්පයක්
- රස අනුව ලුණු
- කහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- කෑලි මිරිස් මේස හැඳි 1/2
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ගසාගත් බිත්තර 3
- තෙල් මේස හැඳි 1 -2
සාදාගන්නා ආකාරය
තාච්චියක් ළිප තබා එයට තෙල් එකතු කර රත් වූ පසු ඉස්සන් එකතු කර හොඳින් බැදගන්න. එයට ලූනු, අමුමිරිස්, කරපිංචා, ලුණු සහ කහ කුඩු එකතු කර හොඳින් බැදගන්න.
හොඳින් බැදගත් පසු එයට මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, Sprouts එකතුකර කලවම්කර බිත්තර එකතුකර ගන්න. බිත්තර ටික හොඳින් කලවම් කර සාමාන්‍ය විදියට Omelette එක සාදා ගන්න.