අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි සිරප් එකට
- වතුර මිලි ලීටර් 300
- සීනි ග්‍රෑම් 600
- ලුණු තේ හැඳි 1/8
- දෙහි යුෂ තේ හැඳි 1/5
- එන්සාල් කුඩු තේ හැඳි 1/4
පැණි වළලු සඳහා
- පාන් පිටි ග්‍රෑම් 150
- කෝන් පිටි ග්‍රෑම් 50
- මුදවපු කිරි මේස හැඳි 4
- තැඹිලි පාට කලරින්
- ලුණු තේ හැඳි 1/8
- වතුර මිලි ලීටර් 150
- ආප්පසෝඩා තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
සීනි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය පෑන් එකකට එකතු කර හොඳින් උණු කර නූල ඇදෙන පදමට සකස් කරගන්න. බෝල් එකකට පැණි වළලු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතුකර හොඳින් කලවම්කර බැටරය සාදා පයිපින් බෑග් එකකට දමාගන්න.
පෑන් එකක් ළිප තබා එයට තෙල් එකතු කර රත් වූ පසු පැණි වළලු හැඩයට මිශ්‍රණය මිරිකා දෙපැත්තම හොඳින් බැද උණුවෙන්ම සීනි පැණි එකට එකතු කර ගන්න.