අවශ්‍ය ද්‍රව්‍ය
- මුංඇට ග්‍රෑම් 300
- ඉඳිආප්ප පිටි ග්‍රෑම් 300
- හකුරු ග්‍රෑම් 150
- දුඹුරු සීනි ග්‍රෑම් 250
- වතුර මිලි ලීටර් 125
- ලුණු තේ හැඳි 1/8
- එන්සාල් කුඩු තේ හැඳි 1
දවටනය සඳහා
- පාන් පිටි ග්‍රෑම් 100
- හාල් පිටි ග්‍රෑම් 200
- කහ කුඩු තේ හැඳි 1/4
- පොල් කිරි මිලි ලීටර් 300
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
මුං ඇට හොඳින් බැද කුඩා කැබලි සහිතව කුඩු කරගන්න. ඉඳිආප්ප පිටි තරමක් බැද එයට මුං පිටි සහ එන්සාල් කුඩු එකතු කර හොඳින් කලවම් කර ගන්න.පෑන් එකකට වතුර, සීනි, හකුරු සහ ලුණු එකතුකර හොඳින් දියකර උණු කරගන්න.
පිටිවලට පැණි එකතු කර කලවම් කරමින් පදමට සාදා ගන්න. ට්‍රේ එකක තෙල් තවරා සාදාගත් මිශ්‍රණය එකතුකර තුනී කර කැමති හැඩයකට කෑලි කපා ගන්න. බෝල් එකකට දවටනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර හොඳින් විස්ක් කර බැටරය සාදා ගන්න. තෙල් රත් වූ පසු මුං කැවුම් කැබලි බැටරයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.