අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කකුළුවන් ග්‍රෑම් 300
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- සිහින්ව කපාගත් සුදු ලූනු මේස හැඳි 2
- චිලි පේස්ට් මේස් හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- දුඹුරු සීනි මේස හැඳි 2
- චිකන් ස්ටොක් පවුඩර් මේස හැඳි 2
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
- උණු වතුර කෝප්ප 2
- චොප් කරගත් ලූනු කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු සහ සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව මෙයට කකුළුවන් එකතුකර විනාඩි 5 ක් පමණ පිසගන්න. දැන් චිලිපේස්ට්, ගම්මිරිස්, සීනි, චිකන් ස්ටොක් පවුඩර් සහ ඔයිස්ටර් සෝස් දමා හොඳින් කලවම් කරගන්න. අවසානයට උණු වතුර දමා විනාඩි 10 ක් පිස ළිප නිවා ලූනු කොළ දමා ගන්න.