අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්දකරගත් කකුළුවො ග්‍රෑම් 400
- ගම්මිරිස් ඇට ස්වල්පයක්
- බැදීමට තෙල්
- බටර් මේස හැඳි 2
- චොප්කරගත් සුදු ලූනු මේස හැඳි 1
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- තක්කාලි පේස්ට් මේස හැඳි 1
- කරපිංචා ස්වල්පයක්
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
- ලයිට් සෝයාසෝස් මේස හැඳි 1
- සීනි මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ගම්මිරිස් ඇට කුඩු කර පෑන් එකකට දමා බැදගන්න. කකුළුවො ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න හරින්න. පෑන් එකකට බටර් ස්වල්පයක් දමා රත් වූ පසු චොප්කරගත් සුදු ලූනු සහ ලූනු ටික දමා හොඳින් තෙම්පරාදු වූ පසු තක්කාලි පේස්ට් එක, රෝස්ට් කරගත් ගම්මිරිස්කුඩු සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කර ඔයිස්ටර් සෝස්, ලයිට් සෝයාසෝස් හා සීනි ටික දමා කලවම් කර අවසානයට බැදගත් කකුළුවො ටික එකතු කරගන්න.