අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මති හාල් ග්‍රෑම් 500
- දුන්තෙල් අවශ්‍ය පමණට
- එනසාල් ඇට 5
- කරාබු නැටි 5
- අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
- රම්පෙ කරපිංචා
- බී ලූනු ගෙඩියක්
- තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
- වියළි මිදි ග්‍රෑම් 50
- කජු ග්‍රෑම් 50
- අවශ්‍ය පමණට වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හාල් සෝදා වතුර පෙරෙන්න හරින්න. ලූනූ සිහින්ව කපාගන්න. සාස්පානක් ගෙන එය ළිප තබා රත්වෙන විට දුන්තෙල් එකතුකරගන්න. දුන්තෙල් රත්වන විට එයට කපාගත්ත ලූනු, තලාගත් ඉඟුරු, සුදුලූනු, එනසාල්, කරාබු නැටි, කුරුඳු, රම්පෙ කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
දැන් එයට හාල් ටික එකතුකර විනාඩි පහක් පමණ දුන්තෙල්වල කලවම් කර එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතුකර රස අනුව ලුණු එකතුකර බත උයාගන්න. වියළි මිදි කජු බැදගන්න. බත හොඳින් ඉඳුනු පසු උණුවෙන්ම දීසියට දමා කජු වියළි මිදි වලින් සරසා මේසයට පිළිගන්වන්න.