අවශ්‍ය ද්‍රව්‍ය
- මින්චි කොළ කෝප්ප 1/2
- ගාගත් පොල් කෝප්ප 2
- කොත්තමල්ලි කොළ කෝප්ප 1
- අමු මිරිස් කරල් 1
- කරපිංචා ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- කෑලි මිරිස් ස්වල්පයක්
- සියඹලා කැබැල්ලක්
- වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට පොල්, මින්චි කොළ, කොත්තමල්ලි කොළ ටික දමා මද වෙලාවක් පිස එම මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් අමු මිරිස්, ලුණු, කරපිංචා සහ සියබලා එකතු කර එයට වතුර ස්වල්පයක් දමා නැවත බ්ලෙන්ඩ් කර භාජනයට දමාගන්න. වෙනත් පෑන් එකකට අබ, කෑලි මිරිස් සහ කරපිංචා එකතු කර එය චට්නි එකට දමාගන්න.