අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බාස්මති සහල් ග්‍රෑම් 400
- පාට තුනෙන් කොටු හැඩයට කපාගත් බේල් පේපර් ග්‍රෑම් 100
- කොටු හැඩයට කපාගත් කැරට් අල 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදූලූනු බික් 4
- පොඩියට කපාගත් ඉස්සන් ග්‍රෑම් 100
- කොටු හැඩයට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 100
- පොඩියට කපාගත් වේලිච්ච මිරිස් කරල් 2
- බිත්තර 1
- සොයා සෝස් ස්වල්පයක්
- සේමමි ඔයිල් ස්වල්පයක්
- පොඩියට කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ තාච්චියකට ලූනූ, ඉඟුරු සහ සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව කපාගත් කුකුල් මස් සහ ඉස්සන් එකතු කර විනාඩියක් 5-6 ක් පිසගන්න. මෙයට බිත්තර දමා ස්ක්රම්බල් කර තම්බාගත් සහල් සහ ලූනු කොළ හැර අනෙක් සියල්ල දමා හොඳින් කලවම් කර අවසානයේ බත් සහ ලූනු කොළ එකතුකර කලවම් කරගන්න.