අවශ්‍ය ද්‍රව්‍ය
- මුදවපු කිරි කෝප්ප 1
- ටින් කිරි කෝප්ප 3/4
- එළකිරි කෝප්ප 1/4
- වැනිලා තේ හැඳි 1
- කෝන් පිටි මේස හැඳි 1
- කහ කුඩු ස්වල්පයක්
- එන්සාල් ඇට 5-6
සාදාගන්නා ආකාරය
කෝන් පිටි, කහ සහ කිරි එකට මිශ්‍ර කර පසෙකින් තබන්න. බෝල් එකක් ගෙන එයට මුදවපු කිරි සහ ටින් කිරි එකතු කර මිශ්‍ර කරන වැනිලා සහ එනසාල් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
කලින් මිශ්‍ර කරගත් කිරි මිශ්‍රණයට එක් කර හොඳින් කවලම් කරගන්න. බටර් තැවරූ භාජනයට මිශ්‍රණය එකතු කර එය ෆොයිල් කොළයකින් ආවරණය කර මිනිත්තු 45-60 හුමාලයෙන් තම්බා ගන්න.