අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 300
- ලුණු තේ හැඳි 1
- තෙල් තේ හැඳි 1
- බිත්තර 1
- අවශ්‍ය පමණට වතුර
- තම්බා පොඩි කරගත් ලොකු අල 1 – 2
- චොප් කරගත් ලූනු 1/2
- චොප් කරගත් අමුමිරිස් 2
- චොප් කරගත් කරපිංචා ඉති 1
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- කෑලි මිරිස් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බෝල් එකකට පාන් පිටි, ලුණු, තෙල් සහ බිත්තර එකතුකර හොඳින් අනාගන්න.අවශ්‍ය තරමට වතුර එකතු Soft Dough එකක් අනා විනාඩි 5 ක් පමණ ඩෝ එක අනා කොටස් 8 කට වෙන් කර බෝල 8 ක් සාදා ගන්න. යන්තමින් තෙල් තවරා පැය 1/2 ක් හොඳින් වසා තබන්න.
තවත් බෝල් එකකට අල සහ අනෙකුත් සියළු දේ එකතු කර හොඳින් කලවම් කර මසාලා මිශ්‍රණයත් කොටස් 8 කට වෙන් කරන්න.
එක පිටි කොටසක් තරමක් තුනී කර මසාලා මැදින් තබා හොඳින් සීල් කර සාමාන්‍ය රොටියක් ආකාරයට තුනී කර තැටියක් ළිපේ තබා තෙල් ටිකක් එකතු කර ලස්සන රන්වන් පාට වනතුරු පුළුස්සා ගන්න.