අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි කෝප්ප 2
- පාන් පිටි කෝප්ප 1/2
- දුඹුරු සීනි කෝප්ප 1
- රස අනුව ලුණු
- උකුපොල් කිරි කෝප්ප 1/4
- කැරමල් කරගත් සීනි ස්වල්පයක්
- ඊස්ට් තේ හැදි 1/4
- සිහින්ව අඹරාගත් පොල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයකට හාල් පිටි, පාන් පිටි, සීනි, කැරමල්, පොල් කිරි සහ පොල් ටික එකතු කරන්න. සීනි ස්වල්පයකට ඊස්ට් දමා මද උණුසුම් වතුර ස්වල්පයක් දමා හොඳින් දිය කර ඉහත මිශ්‍රණයට දමාගෙන ලුණු එකතු කරන්න. මෙය ආප්ප මිශ්‍රණයට වඩා ඝනකම් විය යුතුය. පැය 5 ක් පමණ පිපෙන්නට හැර ගොටුවලට දමා හුමාලයෙන් තම්බා ගන්න.