අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා මීට් පැකට් 1
- බැදපු තුනපහ මේස හැඳි 2
- මිරිස් කුඩු මේස හැඳි 1
- කහ කුඩු ස්වල්පයක්
- උළුහාල් තේ හැඳි 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- සුදු ලූනු බික් 4
- ඉඟුරු අඟල් 1/2 ක කැබැල්ලක්
- ලොකු ලූනු ගෙඩි 1/2
- අමු මිරිස් කරල් 4
- කරපිංචා ඉති 3
- තක්කාලි ගෙඩි 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- මිටිකිරි කෝප්ප 2
- දියකිරි කෝප්ප 2
- තෙල් මේස හැඳි 3
සාදාගන්නා ආකාරය
පැකැට්ටුවේ ඇති සෝයා කැබලි ටික වතුරේ පැය 1/2 ක් පමණ පෙඟෙන්න හරින්න. පසුව සෝයා මීට් වතුරෙන් මිරිකා භාජනයකට දමන්න. මැටි බඳුනක් ළිපේ තබා තෙල් මේස හැඳි 3 ක් පමණ දමා රත්වූ පසු උළුහාල් තේ හැඳි 1/2 ක් දමන්න.
ලූනු සිහින්ව කපා එයට දමන්න. සුදු ලූනු, කරපිංචා, අමු ඉඟුරු, අමු මිරිස් සිහින්ව ලියා එයට එකතු කර ගින්දර අඩුකර හොඳින් බැදෙන්නට හරින්න.
ළිප නිවා මිරිකාගත් සෝයා මීට්, බැදපු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු සහ කුරුඳු පොතු දමා හොඳින් මිශ්‍ර කර දියකිරි දමා තම්බා ගන්න. දියකිරි හිඳුණු පසු කපාගත් තක්කාලි එකතුකර මිටිකිරි දමා හොඳින් හැඳි ගා ලුණු මහ ගම්මිරිස් එකතු කරන්න.