අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොළ 6
- පාන් පිටි ග්‍රෑම් 250
- ගාගත් පොල් බෑයක්
- සිහින්ව කපාගත් රතුලූනු මේසහැදි 2
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2
- උම්බලකඩ කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සෝදා පිරිසිදු කරගත් නිවිතිවලට උතුරන වතුර මේසහැදි 2ක් එකතුකර හොඳින් බ්ලෙන්ඩර් කර පෙරාගන්න.
පාන්පිටි, පොල්, ලූනු, අමුමිරිස් සහ උම්බලකඩ සියල්ල එකට එකතුකර අතින් හොඳින් කලවම් කරගන්න.
සාදාගත් නිවිති මිශ්‍රණය ටික ටික එකතු කරගනිමින් අතේ නොඇලෙන පදමට රොටි මිශ්‍රණය අනාගන්න. අනාගත් නිවිත් රොටි මිශ්‍රණයෙන් රොටි සාදා පුළුස්සාගන්න.