අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිතිකොල 10
- කඩල පිටි මේස හැඳි 4
- හාල්පිටි මේස හැදි 4
- බිත්තර 1
- මිරිස්කුඩු තේ හැදි 1
- කහකුඩු 1/4
- කෑලිමිරිස් තේ හැඳි 1
- රස අනුව ලුණු
- බැදිමට පොල්තෙල්
සාදාගන්නා ආකාරය
නිවිති කොළ සෝදා වතුර තෙත මාත්තු කර හාල්පිටි ස්වල්පයක් උඩින් ඉස පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට හාල්පිටි, කඩලපිටි, මිරිස්කුඩු, කෑලිමිරිස්, කහකුඩු, ලුණු සහ බිත්තරය එකතුකර හොඳින් කලවම් කරගනිමින් ඝනකම බැටරයක් සාදාගන්න. තාච්චියක් ළිප රත්වන විට එයට පොල්තෙල් එකතු කරගන්න. තෙල් රත්වන විට නිවිතිකොළ සදාගත් බැටරයේ තවරා ගැඹුරු තෙලේ බදින්න.