අවශ්‍ය ද්‍රව්‍ය
- පොඟවාගත් කවුපි, කඩල, මුං ඇට ග්‍රෑම් 200
- කුකුල් මස් තම්බාගත් වතුර ස්වල්පයක්
- ලීක්ස් ග්‍රෑම් 100
- කැරට් ග්‍රෑම් 100
- තක්කාලි ග්‍රෑම් 100
- ලූනූ ගෙඩි 2
- බිත්තර සුදු මද 2
- තම්බාගත් නුල්ඩ්ස් ග්‍රෑම් 250
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස් තම්බාගත් වතුරට එළවළු සියල්ල කෑලි කපා එකතුකර රත් කරගන්න. පසුව ධන්‍ය වර්ග සියල්ල වතුරේ පොඟවා බ්ලෙන්ඩර් කර ඉහත මිශ්‍රණයට එකතු කරගන්න. සුප් එක උතුරන විට එයට තක්කාලි, බිත්තර සුදු මද, තම්බපු නූඩ්ල්ස්, ලූනු සහ ලුණු එකතු කරගන්න.