අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 500
- කඩල පිටි ග්‍රෑම් 100
- හාල් පිටි ග්‍රෑම් 50
- කහ පාට කලරින්
- මිරිස් කුඩු තේ හැඳි 3
- කරපිංචා ඉති 2
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
ලූනුවලට සියලුම ද්‍රව්‍ය දමා කලවම් කරගන්න. වතුර ස්වල්පයක් එකතුකර ගොරෝසු මිශ්‍රණයක් සාදාගන්න.සාදාගත් මිශ්‍රණය පැය භාගයක් පමණ තබා ගැඹුරු තෙලේ බැදගන්න.