අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි ගෙඩි 3
- බැදගත් රටකජු මේස හැඳි 2
- වියළි මිරිස් කරල් 4
- ලූනු ගෙඩි 1
- අබ ස්වල්පයක්
- කරපිංචා ඉති 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අබ හා කරපිංචා හැර අනෙක් සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. තෙල් රත්වූ භාජනයකට අබ සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. පසුව අඹරාගත් මිශ්‍රණයට තෙම්පරාදු කරගත් මිශ්‍රණය දමා කලවම් කරගන්න.