අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් අවශ්‍ය පමණට
- තෙල් මේස හැඳි 4
- අබ තේ හැඳි 1/2
- කරපිංචා
- ඉඟුරු
- රටකජු
- සිහින්ව කපාගත් ලූුනූ
- වියළි මිරිස් කරල් කිහිපයක්
- රස අනුව ලුණු
- කහ කුඩු ස්වල්පයක්
- ලෙමන් යුෂ මේස හැඳි 4
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට අබ, කරපිංචා, කැබලිවලට කැඩූ වියළි මිරිස, චොප් කරගත් ඉඟුරු, රටකජු, ලූනු, කහ සහ ලුණු එකතු කරගන්න. ඉන්පසු ලෙමන් යුෂ සහ බත් එකතුකර කලවම් කරගන්න..