අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කෝප්ප 2
- සිනි කෝප්ප 1
- රස අනුව ලුණු
- පොල් කිරි කොප්ප 1
- කුඩු කරගත් කරදමුංගු ඇට 2
- වැනිලා තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
මුලින්ම නොන්ස් ටික් භාජනයක් ළිප තබා සීනි කැරමල් කරගන්න. බත්වලට පොල් කිරි දමා බ්ලෙන්ඩ් කර රත් වෙන සිනි එකටම දමා හැඳි ගාන්න.
එම මිශ්‍රණයටම ලුණු, වැනිලා, කජු සහ කරදමුංගු කුඩු එකතු කර නොඇලෙන පදමට එනකම් හැඳි ගාන්න. ඉන් පසු තැටියකට පිටි ඉස තුනි කර කැලි කපා ගන්න.