අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් කැරට් ගෙඩි 1
- සිහින්ව කපාගත් ගෝවා ගෙඩි 1/2
- ලූනු ගෙඩි 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- වියළි මිදි කෝප්ප 1/4
- මයෝනිස් සෝස් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
කැරට්, ලූනු සහ ගෝවා ඉතාම සිහින්ව කපාගන්න. වියලි මිදි, මයෝනිස්, ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ එකට මිශ්‍ර කර කපාගත් එළවළුවලට දමා කලවම් කර ශීතකරණයේ තබා පිලිගන්වන්න.