අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 3
- සලාද කොළ ස්වල්පයක්
- ගෝවා ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- අමුමිරිස් කරල් 3
- යෝගට් එකක්
- සීනි තේ හැඳි 1
- ඔලිව් ඔයිල් තේ හැඳි 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
- අවශ්‍ය පමණට විනාකිරි
සාදාගන්නා ආකාරය
දෙහි මිශ්‍ර අයිස් වතුරේ කොටුවට කපාගත් ඇපල් දමා මද වේලාවක් තිබෙන්න හරින්න. ගෝවා” සලාද කොළ, ලූනු, තක්කාලි, අමුමිරිස් සිහින්ව කපාගන්න. යෝගට් එක වෙනම බඳුනකට දමා එයට සීනි, ගම්මිරිස්, ලුණු, දෙහි සහ විනාකිරි එකතු කර තබන්න. ආහාර ගැනීමට ළං වනවිට ඉහත සියල්ල එක්කොට ඔලිව් ඔයිල් ස්වල්පයක්ද දමා කලවම් කර පිළිගන්වන්න.