අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු මාළු මිරිස් කරල් 5
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 1
- තම්බා පොඩි කරගත් සැමන්
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් අමුමිරිස් කරල් 2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1
- අමු තුනපහ තේ හැඳි 1
- කෑළි මිරිස් තේ හැඳි 1
- දෙහි යුෂ ස්වල්පයක්
- රස අනුව ලුණු
- බිස්කට් කුඩු
- බැද ගැනිමට පොල්තෙල්
- පාන් පිටි බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 150
- බිත්තර 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මාළු මිරිස් හොඳින් සෝදා තෙත ඉවත් කර මැදින් තරම කැපුමක් යොදා මාළු මිරිස්වල ඇට ටික ඉවත් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට ඉඟුරු සුදුලූනු පේස්ට් එකතුකර හොඳින් බැදගන්න.
බැදිගෙන එනවිට එයට කුඩාවට කපාගත් ලූනු, අමුමිරිස්, මාළු සහ අල එකතුකර හොඳින් කලවම් කරගන්න.
එයට කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කෑළි මිරිස්, ගම්මිරිස්කුඩු සහ ලුණු දමා එකතුකර හොඳින් තෙම්පරාදුකරගන්න. ළිපෙන් ඉවත් කර දෙහි යුෂ එකතුකර කලවම් කරගන්න.
බැටර් එක සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට බිත්තරය සහ ලුණු එකතුකර වතුර ටික ටික එකතුකර හොඳින් mix කරමින් උකු බැටර් එකක් සාදාගන්න. සාදාගන් මාළු මිශ්‍රණය මාළු මිරිස් ඇතුළට හෙමින් පුරවාගන්න. ඊලඟට පුරවාගත් මාළු මිරිස් සාදාගත් බැටරයේ සහ බිස්කට් කුඩුවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.