අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ගෙඩි 2
- චීස් වෙජස් 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලි මිරිස් ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- චොප්කරගත් ලූනූ ගෙඩි 1/2
- කෝන්ෆ්ලා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අල ටික පොඩි කරලා චීස් එකතු කරගන්න. එයටම ලූනු, ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස් හා දෙහි දමා අනාගෙන කුඩා බෝල සාදාගන්න. කෝන්ෆ්ලාවල සාදාගත් බෝල දවටා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකම් බැදගන්න.