අවශ්‍ය ද්‍රව්‍ය
- සාදාගත් තද කළු කෝපි කෝප්ප 1/8
- රස නොගැන්වූ ආමන්ඩ් කිරි කෝප්ප 2/3
- මී පැණි තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 3/4
- කුරුඳු කුඩු තේ හැඳි 1/8
- ඉඟුරු කුඩු තේ හැඳි 1/8
- ගම්මිරිස් තේ හැඳි 1/8
සාදාගන්නා ආකාරය
සෝස්පෑන් එකකට ආමන්ඩ් කිරි, මී පැණි, කහ, කුරුඳු, ඉඟුරු සහ ගම්මිරිස් එකතු කර මද ගින්නේ හොඳින් හැඳි ගාමින් පෙණ ගැන්වෙන තුරු රත් කරගන්න.
කෝප්පයකට සාදාගත් කෝපි දමා ඒ මතට පෙණ නංවා ගත් ආමන්ඩ් කිරි මිශ්‍රණය දමාගන්න. ඒ මතට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසගන්න.