අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර පොඩිකරගත් දූරියන් ග්‍රෑම් 350
- පොල් කිරි කෝප්ප 2
- පිටි කිරි කෝප්ප 2
- ගා ගත් හකුරු ග්‍රෑම් 140
- රම්පෙ කොළ
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට සියළුම ද්‍රව්‍ය දමා අඩු ගින්දරේ ඝන මිශ්‍රණයක් එනතෙක් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු රම්පෙ කොළ ඉවත් කරගන්න.