අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නාසි ගෙඩි 1
- කුඩා ප්‍රමාණයේ ටින් කිරි ටින් 1
- සීනි මේස හැඳි 6
- ජෙලටීන් මේස හැදි 1
- වැනිලා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම අන්නාසි ගෙඩියේ පොතු හැර කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසුව එය සීනි සමඟ පෑන් එකකට එකතු කර ස්ටූ එක සකස් කරගන්න. දැන් ජෙලටීන් ටික උණු වතුරෙන් හොඳින් දිය කර ගන්න.
ටින් කිරි පෑන් එකකට එකකට එකතු කර එම ටින් එකේ ප්‍රමාණයටම වතුරද එකතුකර හොදින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව එයට ජෙලටීන් එක් කරගන්න.ස්ටූ කරගත් අන්නාසි සහ රත් කරගත් කිරි මිශ්රණයන් හොඳින් නිවෙන්න තබා මිශ්‍රණ දෙකම එකට මිශ්‍ර කර වැනිලා දමා ශිතකරණයේ තබා පිළිගන්වන්න.