අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි කෝප්ප 1 1/2
- තම්බා ගත් අල 2
- වතුර කෝප්ප 1 1/4
- අවශ්‍ය තරමට වතුර
- ලුණු තේ හැඳි 3/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- සූදුරු තේ හැඳි 1/2
- කැරට් අල 1
- අමුමිරිස් කරල් 2
- ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- බෝංචි 4
- නිවිති කොළ 2-3
- ලීක්ස් ස්වල්පයක්
- කරපිංචා ඉති 1
- ආප්ප සෝඩා තේ හැදි 1/2
- බේකින් පවුඩර් තේ හැදි 1/2
සාදාගන්නා ආකාරය
එලවලු සහ කරපිංචා ඉතා සිහින්ව කොටු කපා ගන්න. හාල් පිටි, අල, වතුර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. එයට අවශ්‍ය තරමට වතුර එකතු කර ලුණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්. සූදුරු සහ එළවලු සියල්ලම එකතු කර කලවම් කර ගන්න.
විනාඩි 10 ක් වසා තබා විනාඩි 10 කට පසු ආප්ප සෝඩා සහ බේකින් පවුඩර් එකතු කර එකම පැත්තට කලවම් කර ගන්න. භාජනයක් ළිප තබා තෙල් තවරා සාස්පානේ පතුළ වැහෙන ලෙස මිශ්‍රණය එකතු කර දෙපැත්ත පුළුස්සා ගන්න.