අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ටීම් කරගත් ඕට්ස් කෝප්ප 1
- කපාගත් කුකුල් මස් ග්‍රෑම් 100
- හොදි ස්වල්පයක්
- කපාගත් කැරට් ගෙඩි 1
- චොප් කරගත් ලීක්ස් ස්වල්පයක්
- චොප් කරගත් සුදු ලූනු බික් 4
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- ගසාගත් බිත්තර 1
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට එළවළු, ලූනු සහ සුදු ලූනු එකතු කර තෙම්පරාදු කරගන්න. එයට බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කර කුකුල් මස් එකතු කර කලවම් කරගන්න. පසුව ලුණු, ගම්මිරිස් සහ ස්ටීම් කරගත් ඕට්ස් එකතු කර හොදි එක් කර මිශ්‍ර කරගන්න.